අපි අපේ ජීවිතයේ යම් දෙයක් අලුතින් එකතු කරගන්නේ කොච්චර බලාපොරොත්තු පොදි බැදගෙනද. ඒත් ඔබ මේ ගැන දැන සිටියාද? අප යම් දෙයක් පටන් ගන්නේ එහි විනාශයත් සමගමයි කියලා. මේ මුලු විශ්වයේම යම් දෙයක් උපත ලැබුවහොත් ඔහු හෝ ඇය හෝ යම් ජීවියෙක්, ඉපදෙන්නේ මරණයත් අනිත් අතින් රැගෙන.
අපි යම් දෙයකට ආශා කරනවා නම් එසේ කරන්නේ එහි ඇති සැබෑ ලස්සනක් නිසා නොව හිත මගින් ඔබව රැවටූ නිසාය. එකිනෙකාගේ හිතේ ස්වරූපය අනුව කැත, ලස්සන තීරණය වේ. උදාහරණයක් ලෙස ගතහොත් මට ලස්සනයි කියා හැගෙන දෙය ඔබට එසේ නොවන බැවිනි.. ඇතම් විට සමාජය විසින්ද මෙය ලස්සනයි, මෙය කැතයි කියල ඔබේ ඔලුවට විස පොවා ඇත. සැබවින්ම ලස්සන හෝ කැත කියා දෙයක් නොමැත. ඔබේ හිත විසින් ඔබව රවටන ආකාරයන් අනුව මෙය වෙනස් වේ. ලස්සන කැත මෙය හුදෙක් මිනිසුන්ටම අවේණික යැයි මට වරෙක හැගේ. අනෙකුත් සතුන්ට මෙසේ තිබුනත් මිනිසුන් මෙන් උන් එකිනෙක තලා පෙලා, එකිනෙකාට අපහාස කර ගන්නේ නැත.
පෙර පැවසූ පරිදි මේ ලොව පමණක් නොව විශ්වයේම පවතින සියලු දේ හට ආරම්භයක් මෙන්ම විනාශයක්ද ඇත. නොනැසෙන එකම දෙය පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මයම වේ.
ඔබ තවමත් පමා නැත. ලෝකය විසින් පෙන්වන දෑ නියම යහපත් දේවල් නොවේ. හුදෙක් ලෞකික තෘප්තිය තකා එකිනෙකා මෝඩයා කරන, එකිනෙකා පරයා නැගී සිටීමට වෙර දරන , සමාජයක් හරි යයි කියන දේ තේරුම් ගැනීමට ඔබට බුද්ධියක් තිබිය යුතුය. එසේ ඇතැයි කියා මම විශ්වාස කරමි.
හැකි තරම් ධාර්මිකව ජීවත් වීමට උත්සාහ ගන්න, සිතේ විසිතුරු බව වටහ ගන්න. තමාට, තම දෙමව්පියන්ට,තමාගේ හිතවතුන් වෙනුවෙන් වෙහෙසෙන්න. ලෝකය යන විදිහට නොගොස් තමන්ගේ අනන්‍යතාවයකින් ජීවත් වෙන්න.
ඔබ සැමට තෙරුවන් සරණයි!!!!
අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල ස්වමීන් වහන්සේගේ අභිධර්මයේ මූලික කරුනු පොත කියවන අවස්ථාවේ මගේ හිතට ඇති වූ අදහසක් ඇසුරින් ලියන ලද්දකි.