Main Menu

Wednesday, 28 December 2011

ගැඹුරු වළ







බොහෝ මිනිසුන් කුසල් රැස් කිරීම සදහා යහපත් දේ කරනමුත් ඔවුන් කරන වැරදි දේ අත් නොහරිති. එය හරියට වල ගැඹුරු වැඩි කීම වැනිය.අපි සිතමු වලක පතුලේ යමක් තිබෙනවා කියලා.දැන් එම පතුලේ ඇති දෙය ගැනීමට සිතා යමෙකු අත පොවා එය ගැනීමට හෝ ඇල්ලීමට බැරි වු විට කියන්නේ වල ගැඹුරු වැඩි යැයි කියාය. සියක් දෙනා නොව දහසක් දෙනා වුවද අත දැමූ හැමදෙනාම කියනුයේ වල ගැඹුරු වැඩි බවයි.තමාගේ අත දිග මදි බව කිසිවෙක් නො කියති. අප පියවරක් පස්සට ගෙන මෙහි යතා තත්වය කුමක්දැයි බැලිය යුතුය. ගැඹුරු වීම ගැන වලට දොස් නො නගන්න. ආපසු හැරී අත දෙස බලන්න.මෙය ඔබට වටහාගත හැකිනම් ලෝකොත්තර මාර්ගයේ ඉදිරියට ගොස් අවතීර්ණ වී එම සුවය ලබිය හැකිය.


උපුටා ගැනීම: පූජ්‍ය අචාන් චා හිමිගේ කැළේ ගහක් කෘතියෙනි..
1 comments Continue Reading